මානව හිමිකම් නිළධාරීන්ට මියන්මාරයට ඇතුඵවීමට තහනමක්

Share

මානව හිමිකම් පිලිබද විමසීම සදහා පැමිණෙන කිසිදු නිළධාරියෙකුට තම රටට ඇතුඵවීමට ඉඩ නොදෙන බව මියන්මාර රජය පවසයි.

විදෙස් වාර්තා පැවසුවේ, ඔවුන් මේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනුම්දී ඇති බවය.

මියන්මාරයේ වෙසෙන රොහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු වු බව පැවසෙන වධහිංසා සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමසීමක් කිරිමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද ස්වාධීන පරික්ෂකවරියක් ලබන මාසයේදී මියන්මාරයේ සංචාරය කිරීමට නියමිතව තිබුණි.

එහෙත් මියන්මාර රජය පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර සිදුකළ පරීක්ෂණය රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට පක්ෂව සකස් කර තිබූ බවයි.

Read more

Local News