සජිත් ප්‍රේමදාස ඡන්දය ප්‍රකාශ කරයි

Share

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද උදැසන තිස්සමහාරාම කුඩා ගම්මාන 06 අභයපුර ප්‍රාථමික විද්‍යාලයේ දී අද (16) සිය ඡන්දය භාවිත කළේය. 07 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සදහා වන අටවන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ කෙරුණි. මේ වන විට ඡන්ද මධ්‍යස්ථාන 12,845කදී ඡන්ද විමසීම සිදු කෙරෙයි.

ඡන්ද දායකයින් එක්කෝටි පනස් නම ලක්ෂ අනූ දෙදහස් අනූහයදෙනෙක් මෙවර ඡන්දය භාවිත කිරිම සුදුසුකම් ලබා ඇත.

මේ වන විට මැතිවරණය සාමකාමීව පැවැත්වෙන බවයි මැතිවරණ නීරික්ෂණ සංවිධාන පවසන්නේ.

Read more

Local News