රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වී තිබේ.
සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.
කෙසේ වෙතත් ඊයේ දිනයේ දී එක්සත් ජාතික පක්ෂයේ තවත් ඇමතිවරු සිව් දෙනෙක් සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්විය.
ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමත් සමඟ ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව මංගල සමරවීර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට ලිපියක් මඟින් සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.
විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබිණි.
එමෙන්ම අජිත් පී පෙරේරා මහතාද සඳහන් කර තිබුණේ ජනමතයට ගරු කරමින් ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බවයි.
අමාත්‍ය කබීර් හෂීම් මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයෙන් ඊයේ දිනයේ දී ඉවත්ව ඇත.



