පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක්

Share

මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දුන් දිනයේ සිට පශ්චාත් ජනාධිපතිවරණ සමය දක්වා කිසිඳු බරපතළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විටත් දිවයිනේ සෑම ස්ථානයකින්ම සාමකාමී තත්ත්වයක් වාර්තා වන බවත් තවදුරටත් ජනාධිපතිවරණ පනතේ ඇති ප්‍රතිපාදන ක්‍රියාවට නැංවීමට ඒ ඒ පොලිස් වසම්වල ජංගම සංචාර හා මාර්ග බාධක රාජකාරී ක්‍රියාත්මක වන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News