හයවැනි ආසියා පැසිෆික් සම්මන්ත්‍රණය හෙට

Share

06 වන ආසියා පැසිෆික් සම්මන්ත්‍රණය හෙට (19) ආරම්භ වීමට නියමිතයි.

සාගරය ආශ්‍රීත නාවික කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිම මෙහි අරමුණ බව නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සදහන් කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව එක්ව සංවිධානය කරනු ලබන මෙම සම්මන්ත්‍රණය ලබන 21 වන දින දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා ඉන්දියාව, චීනය, ජපානය, මාලදිවයින, මියන්මාරය, නවසීලන්තය, පිලිපීනය, කොරියාව,සිංගප්පූරුව සහ තායිලන්තය ඇතුළු රටවල්වල නියෝජිතයින් සහභාගී වීමට නියමිතයි.

Read more

Local News