ලැබුණු ප්‍රතඵලය ගැන පුදුම වුණු පිරිස් ඉන්නවා

Share

රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය ආරක්ෂා කිරීමට ජනතාව සමඟ ඉදිරියේදීත් පෙළ ගැසී සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය.

“ලැබුණු ප්‍රතඵලය ගැන පුදුම වුණු පිරිස් ඉන්නවා. ඒ වගේම මේ ගැන බය වෙන පිරිස් ඉන්නවා. සතුටු වෙලා ඉන්න පිරිසකුත් ඉන්නවා.

ගෝඨාභය මහතාට ඡන්දේ දීපු ගොඩක් අය ජාතික ස්වාධිපත්‍ය ගැන, ජාතික සංවර්ධනයහා  ජාතික සංවර්ධනය වැනි දේවල් ගැන සැළකිලිමත් වුණා.

සජත් මහතාට ඡන්දේ දිපු අය ප්‍රජාතන්ත්‍රවාදය, ජාතීන් අතර සමඟිය, වැනි දේවල් ගැන සැළකිලිමත් වුණා.

අවුරුදු 70ක විතර තිස්සේ මේ දෙක මාරුවෙන් මාරුවට යද්දිත් ඇයි විකල්පයක් ගොඩ නොනැගෙන්නේ කියන එක ගොඩක් අයට ප්‍රශ්නයක්.

මොන පාලකයා බලයට ආවත් සමාජ බලවේගය හා ජනතා බලවේග ශක්තිමත් නම් බිය වීමට දෙයක් නෑ.

ඒ නිසා අපි ජනතා බලවේග ශක්තිමත් කිරීමේ කර්තව්‍යට අද සිට වැඩ කරනවා.”

Read more

Local News