පසුගිය සමයේදී දූෂණ චෝදනා එල්ලවූ දේශපාලනඥයින් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටා එක් රැස් වීමට උත්සාහ දරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.
හොරණ පැවති වැඩසටහනකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේ මේ වන විට සටකපට දේශපාලනඥයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටා කැරකෙන බවයි.
හොරකම් කර විවිධා දූෂණ ක්‍රියා සිදුකළ පුද්ගලයින්ද මේ වන විට මහතා වටා කැරකෙන බව විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේය.
එහෙත් දූෂයෙන්, වංචාවෙන් සහ නාස්තියෙන් තොර විඥාණයක් ඇති දේශපාලනඥයින් ටිකක් ඈත්ව මේ දෙස බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් පැවසීය.



