2019 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් 70000 කට අධික පිරිසක් අභියාචනා ඉදිරිපත් කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, එම අභියාචනා සළකා බැලීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මට්ටමින් සිදුවන බව ය.
2019 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීම ලබන මස 31 වනදා සිදු කිරීමට සැළසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.




