ලංකාවේ ළමුන්ගෙන් 50% කට විටමින් D ඌණතාවය

Share

මෙරට ළමයින්ගෙන් 50% ක් විටමින් D ඌණතාවයෙන් පෙළන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කළේ, මෙය ලෙඩ රෝග රැසකට හේතුවනු ඇති බවයි.

විටමින් D ඌණතාව මඟ හැරවීම සඳහා පෙරවරු 10 ත් පස්වරු 2 ත් අතර විනාඩි කිහිපයක් හිරු එළියට නිරාවරණය වීම අත්‍යවශ්‍ය බව ද වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පැවසුවා ය.

Read more

Local News