පාතාල නායක මදූෂ් සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් 8ක් අත්අඩංගුවට

Share

ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතාල නායකයෙකු වන දැනට විදේශ ගතව සිටින මාකදුරේ මදූෂ් නැමැත්තා සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක් සහ තවත් පුද්ගලයන් 7දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සන්තකයේ තිබි 9MM වර්ගයේ ගිනි අවියක්, එම වර්ගයේ මැගසින් එකක් හා ජීව උණ්ඩ 6ක් සොයාගෙන ඇතැයි සදහන් වේ. මීට අමතරව SF වර්ගයේ ජීව අත්බෝම්බයක්, හෙරොයින් ග්‍රෑම්10යි මිලිග්‍රෑම් 150ක්, මන්නා 1ක්, කඩු 1ක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 6ක්, කේරල ගංජා ග්‍රෑම් 940ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක, දාගොන්න, මිනුවන්ගොඩ, කඹුරුගමුව, උඩුගම්පල, ලුණුවිල යන ප්‍රදේශ වල පදිංච්කරුවන් පිරිසකි. සැකකරුවන් අද (22) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News