මැතිවරණයෙන් පසුව නැවත් වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ස්වාභාවිකවම හිමිවන බව එම පක්ෂයේ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ ඉදිරියට තමා කටයුතු නොකරන බව මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.
මැතිවරණ කලසීමාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති ධුරයෙන් තාවකාලිකව ඉවත් වූ බව හාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස පැවසීය.



