සංහිඳියා රැස්වීමක් ලබන 27 දා මාතරදී

Share

සංහිඳියාව සඳහා ආගම් ව්‍යාපෘතිය යටතේ මාතර ජනමාධ්‍යවේදීන්ගෙන් යුත් අනු කණ්ඩායමේ සම්බන්ධීකරණ රැස්වීම 27 වැනිදා දහවල් 12.30 ට මාතර – කඹුරුගමුව දිවිනැගුම කාර්යාල ගොඩනැගිල්ලේ දී පැවැත්වෙන බව මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද ගැටුම් අවධිය තුළ සංහිඳියාව සහ සමාජ ඒකාබද්ධතාවය උදෙසා අන්තර් ආගමික ප්‍රජාවන්ගේ එකිනෙකා අතර අන්‍යෝන්‍ය බැඳීම ශක්තිමත් කිරීම යන මැයෙන් වූ ව්‍යාපෘතිය හරහා දශක තුනක් පැවති යුද්ධය නිසා බෙදී වෙන් වී සිටි විවිධ ජන වාර්ගික හා ආගමික අනන්‍යතාවයකින් යුත් ප්‍රජාවක් ලෙස එකිනෙකා අතර සාමය, සංහිඳියාව, සහෝදරත්වය හා සහයෝගය වර්ධනය කිරීමත්, ධනාත්මක හා තිරසර සාමයක් සහ සංහිඳියාවක් සඳහා වන දේශපාලන ප්‍රතිසංස්කරණ ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් උප කණ්ඩායම් රාශියක් සඳහා දැනුම්වත් කිරීම් සිදු කෙරේ.

ඒ අනුව ස්ථාපිත කරන ලද මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය රැස්වීම සංවිධානය කරයි.

Read more

Local News