ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (21) රැස්විමට නියමිතව ඇත.

පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 07.00ට මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණයෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සංම්බන්ධයෙන් තීරණය කිරිම මෙහිදී සිදු කිරිමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

Read more

Local News