කථානායකගෙන් පක්ෂ නායකයින් කැඳවයි

Share

පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්විමක් අද (21) දිනයේ පැවැත්විමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්විමක් අද දිනයේ පවත්වන ලෙස කතානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද පෙරවරු 11.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව රැස්විමට නියමිතව ඇත.

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙහිදී පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිමට නියමිතයි.

Read more

Local News