පළාත් හයකට නව ආණ්ඩුකාරවරු පත් කරයි

Share

පළාත් හයක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඔවුන් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිය ධුරයන්හි දිවුරුම් දුන් බවයි.

ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පත්කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇත්තේ ලලිත් යූ ගමගේ මහතායි.

රාජා කොල්ලුරේ මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, ආචාර්ය විලී ගමගේ මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් පත් කර තිබේ.

එමෙන්ම ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇති අතර ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පෙත්කර තිබේ.

Read more

Local News