අපේ පක්ෂයට සිංහල බෞද්ධ ඡන්ද පදනම නැතිවුණා

Share

එක්සත් ජාතික පක්ෂයට සිංහල බෞද්ධ පදනම අහිමි වීම පිළිබඳව අවධානය යොමුකරන බවත් මින් පෙර එවැනි දෙයක් සිදු නොවූ බවත් හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයෙ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“අපේ අවධානය යොමුවන්න ඕන අපේ පක්ෂයට සිංහල බෞද්ධ ඡන්ද පදනම නැතිවුණ එක. මීට කලින් ඒක වෙලා නෑ.

ඒ ගැන විශේෂයෙන් අපි හොයලා බැලිය යුතුයි. ඒ හරහා අනාගත තීරණ ගන්නවා වගේම විග්‍රහයක් කරන්නත් ඕන.

විග්‍රහයක් කරලා තමයි ඉදිරියට යන්න ඕන. අපි මේ පිළිබඳව ඇඟිලි දික්කර චෝදනා කර ගැනීම සාර්ථක වෙන්නේ නෑ”

Read more

Local News