ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය මෙම සතිය තුළ සිදු කරන බව වාර්තා වේ.
පසුගියදා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහය පල කිරීමට එම පක්ෂය ගත් තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඇතුළු පිරිසක් විරෝධය පල කළේය.
ඒඅනුව ජනාධිපතිවරණයෙන් අනතුරුව පක්ෂය තුළ ප්‍රතිසන්ධානයක් විය යුතු බවට පසුගියදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගෙන තිබුණි.
මේ හේතුවෙන් එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා කමිටුවක්පත් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ සභාපතීත්වයෙන් යුත් අදාල කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පත් කර ඇති බව වාර්තා වේ.
මීට අමතරව ස්වාධීන විද්වතුන් දෙදෙනෙකු ද අදාල කමිටුව සඳහා පත් කිරීමට නියමිතයි.



