නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් අද (25) වැඩ බාරගෙන තිබේ.
සබරගමුව නව ආණ්ඩුකාරවරයා ලෙස පත් වු ටිකිරි කොබ්බෑකඩුව මහතා අද පෙරවරුවේ ඓතිහාසික සමන් දේවාලය වැඳපුදා ගැනීමෙන් අනතුරුව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී වැඩ භාර ගෙන තිබේ.
මේ අතර බස්නාහිර ආණ්ඩුකාර ධුරය සඳහා පත්කළ විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ මහත්මිය අද පෙරවරුවේ බස්නාහිර ආණ්ඩුකාර කාර්යලයේදී සිය ධුරයේ වැඩභාරගනු ලැබුවේය.
එමෙන්ම ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ රාජා කොල්ලුරේ මහතා අද උදෑසන බදුල්ල ආණ්ඩුකාර කාර්යේදී වැඩ ආරම්භ කළේය.



