ලංකාව වැඩ බිමක් කරන්න කැප වෙන බව අගමැති කියයි

Share

වසර පහකට පෙර වැඩ බිමක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළ ආර්ථිකය පිළිබඳ විශ්වාසය බිඳවැටී, පසුගාමී තත්ත්වයකට පත්වතිබූ අතර එය යළි පෙර තත්ත්වයට ඔසවා තැබීම සඳහා සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේ සඳහා ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය උපරිම සහයෝගය සේම වෘත්තීය ආරක්ෂාව ලබා දෙන බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (25) මුදල්, ආර්ථික හා ප්‍රතිපත්තිසංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු අමාත්‍යාංශ නිලධාරීන් අමතමිනි.

Read more

Local News