දකුණු ඉන්දීය සුපිරි නළු රාජිණිකාන්ත් රංගනයෙන් දායක වන ‘ඩර්බර්’ චිත්‍රපටය ලබන වසරේ ජනවාරි 15 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ.
ඒ අතර ජනප්‍රිය නළු ධනුෂ්ගේ ‘පට්ටාස්’ චිත්‍රපටයද ලබන වසරේ ජනවාරි 15 වැනිදා දිනම තිරගත කිරීමට මේ වනවිට සැලසුම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
මෙම චිත්‍රපට දෙකම ‘පොංගල්’ දිනය නිමිත්තෙන් එකම දින ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති අතර මෙය ධනුෂ්ට මෙන්ම රාජිණිකාන්ත්ටද පාඩුවක් බව විචාරකයන් පවසයි.
නමුත් මෙම චිත්‍රපට දෙකම ඉහළ ආදායමක් උපයාගනිමින් අති සාර්ථකව තිරගත වෙන බව තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බව ධනුෂ් පවසයි.