කංජිපානි ඉම්රාන් යළි රිමාන්ඩ්

Share

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නැමැත්තා ලබන 9 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සුලෝචනා අබේවික්‍රම මහත්මිය අද නියෝග කළා ය.

ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිදු වූ මිනීමැරුම් හා පැහැර ගැනීම් ඇතුළු සිද්ධි රැසක් සම්බන්ධයෙනි.

එම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල ප්‍රගතිය එහිදී අධිකරණයට වාර්තා කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරිය එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළාය.

Read more

Local News