නව ආණ්ඩුවේ යහපත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය සහයෝගය පළ කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්ත ද ආණ්ඩුවට විරුද්ධව සෑම වේලාවේම කටයුතු කරන බවට කිසිවෙකු නොසිතිය යුතු බවයි.
වැරදි දේ වෙනුවෙන් කිසිවිටෙකත් සහයෝගය ලබා නොදෙන බව පැවසු ඒ මහතා, රට වෙනුවෙන් හා ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන නිවැරදි දේ සම්බන්ධයෙන් ආණ්ඩුවට සහයෝගය ලබා දීමට සුදානම් බවත් පැවසීය.
සභානායකවරයා සම්බන්ධයෙන් මේ වන විට කථා බහක් ඇතිව තිබෙන බවත් පැවසු ඒ මහතා නිසි වේලාවට නිවැරදි තීන්දුව ලබා ගන්නා බවත් කියා සිටියේය.



