නැවතත් මෙරට වීර කැප්පෙටිපොළ යුගයක් බිහිවෙලා

Share

වීර කැප්පෙටිපොළ යුගයක් නැවතත් මෙරට බිහි වී ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.

අද(26) පෙරවරුවේ මහනුවර දී පැවති වීර මොණරවිල කැප්පෙටිපොළ ගුණසමරු උත්සවය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

වීර මොණරවිල කැප්පෙටිපොල 201 වන සමරුව අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව ඉදිරිපිට ඇති කැප්පෙටිපොළ ස්මාරකය අසලදී පැවැත් විය.

ඒ මහාසංඝරත්නය ,සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

කැප්පෙටිපොළ පවුලේ ඥාතීන් ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද මෙහිදී සිදු කළේය.

ආණ්ඩුකාරවරයා මෙහිදී වැඩිදුරටත් අදහස දක්වමින් පවසා සිටියේ, වසර 201 ට පෙර රටේ පැවති තත්ත්වය මතකයට එන්නේ මෑත කාලයේ සිදුවීම් නිසා බවයි.

සිල්රෙදි බෙදා දීම නිසා හිර බත් කාපු නිලධාරීන් ද පසුගිය කාලයේ ලංකාවේ සිටි බව පැවසු ඒ මහතා, රට ජාතිය වෙනුවෙන් ජිවතය පුජා කළ රණවිරුවන්ට සිදුවු දෙයත් පසුගිය කාලයේ දැක ගත් බවත් පැවසීය.

අද වන විට වීර කැප්පෙටිපොළ නිලමේ තුමන් රටට ආදරය කළ නායකයෙක් ලෙස 2019 දී රටට ගැන හැඟීමක් ඇති නායකයෙක් පහළ වීම ගැන සතුටු විය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News