පළාත් කිහිපයකට සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි

දිවයිනේ (විශේෂයෙන් උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාත් වල) වැසි තත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරව බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (26) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇති වේ.

සෙසු පළාත් වල තැනින් තැන සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර පළාතේ සහ නුවර එළිය, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට (මි.මි.75 පමණ) සාමාන්‍යයෙන් තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

Exit mobile version