O/L විභාග මධ්‍යස්ථානවල දුමායන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න උපදෙස්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පැවත්වෙන පාසල් කේන්ද්‍ර කර ගනිමින් දුමායන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නැයි, අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, විභාගයට පෙර දිනකදී හෝ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඊට බාධාවක් නොවන පරිදි ඉරිදා දිනකදි එය සිදු කරන්නැයි උපදෙස් දී ඇති බවයි.

මේ අතර 2020 පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර දෙමාපියන් සම්බන්ධ කර ගනිමින් පාසල්වල මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.

Exit mobile version