සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන බවත්, එමෙන්ම සංචාරකයන්ගේ ආරක්ෂාව තවත් තහවුරු කිරීමටත් කටයුතු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ 2017 අයවැය යෝජනා අනුව සංචාරක පොලීසියට යතුරු පැදි සහ බීච් රෝවර් රථ ලබා දීම වෙනුවෙන් නිදහස් චත්‍රරශ්‍ර පරිශ්‍රයේ දී අද (26) පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී සංචාරක පොලීසිය වෙත ට්‍රේල් වර්ගයේ යතුරු පැදි 18 ක්, සාමාන්‍ය යතුරු පැදි 02 ක් සහ බීච් රෝවර් රථ 04 ක් ලබා දුනි. එම රථවාහන පොලිස් රථවාහන කොට්ටාසයටත්, සීගිරිය, අරුගම්බේ, අනුරාධපුර, මීගමුව, මොරගල්ල, පොළාන්නරුව, පාසිකුඩා, නාරිගම සහ මහනුවර යන සංචාරක පොලිස් මුරපොලවලටත් බොදා දෙන ලදී.