බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටී මව සහ දියණියන් දෙදෙනා මරුට

අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී අද (02) සවස සිදුවූ අනතුරකින් මව සහ දියණියන් දෙදෙනා මිය ගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

හික්කඩුව දෙස සිට අම්බලන්ගොඩ දක්වා ධාවන වූ ත්‍රීරෝද රථයක මාතර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදු කළ පුද්ගලික බස් රථය මාර්ගයේ වැරදි දිශාවෙන් ගමන් කර ඇති බවට වාර්තා ‌වෙයි.

අනතුරින් තුවාල ලැබූ තිදෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් ඔවු දෙදෙනො දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වෙයි.

අම්බලන්ගොඩ පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version