පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වේ

Share

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර වැළකී සිටි ඡන්ද 44කි.

පනත් කෙටුම්පත කාරකසභ අවස්ථාවේ සළකා බලා තෙවැනිවර කියවා සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනය කළේ ය.

පනත් කෙටුම්පත  දෙවනවර කියැවීමේ විවාදය ඊයේ (24) දවස පුරා පැවැත්විණි.2012  අංක 22 දරන පළාත් පාලන මැතිවරණ සංශෝධන  පනත් කෙටුම්පත පළාත් සභා‍ හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා විසින් පසුගිය ජූනි 20 වැනිදා‍ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

Read more

Local News