ජනපති සුනාමි ව්‍යසනයේදී ජීවිත අහිමිවූ සියලු දෙනා සිහිපත් කිරීමට එක්වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙයට වසර 13ක ට පමණ පෙර ශ්‍රී ලංකාව මුහුණ දුන් සුනාමි ව්‍යසනයේදී ජීවිත අහිමිවූ සියලු දෙනා සිහිපත් කරමින් ජනාධිපති කාර්යාලයේදී විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකට එක්විය.

එකී විපතට මැදිවීම තුළ දැයට අහිමිවූ දසදහස් සංඛ්‍යාත පිරිස වෙත පුණ්‍යානුමෝදනා කරමින් ඒ සියල්ලන්ම සිහිපත් කිරීම සඳහා මුළුමහත් ජාතියම එක් රොක් වීම ඉතා වැදගත් බව එම අවස්ථාවට එක්වීමට පෙර සඳහන් කළ ජනාධිපතිතුමා සිය සමීපතමයන් අහිමිවීම හේතුවෙන් අද ද වේදනා විදිමින් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් සමඟ එක්වෙමින් එවන් විපතක් යළි කිසිදු දිනයක අත්නොවේවා යි ප්‍රාර්ථනා කළේය.

Exit mobile version