දඹුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගය, බකමූණ කුමාර ඇල්ල ප්‍රෙද්ශයෙන් හරස් කරමින් අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා ප්‍රදේශවාසින් පිරිසක් විරෝධතාවයක නිරත විය.
ඊයේ(03) උදෑසන මෙම විරෝධතාවය සිදු කෙරුණි.
දඹුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගය හරස් කරමින් අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා විරෝධතාවයක යෙදුණි.
බකමූණ, ඇලහැර, කුමාර ඇල්ල, බුදුරුවයාය සහ ගල්මුල්ල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් මෙම විරෝධතාවය සිදු කර තිබුණි.
බකමුණ කුමාර ඇල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකින් මිය යාමත් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ ආරක්ෂාව මෙන්ම සමස්ත ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාවත් තහවුරු කරන මෙන් ඉල්ලා ඔවුන් මෙම විරෝධතාවයෙහි නිරත විය.
ඉන් පසුව බකමුණ පොලිස් නිළධාරින්ගේ මැදිහත් වීමෙන් වන ජීවි නිළධාරියෙකු පැමිණ ගැටලුවට විසඳුම් ලබා දුන්නේය.
වනජීවි නිලධාරින් ප්‍රදේශවාසීන් සමඟ එකගතාවයන්ට එළඹිමෙන් පසු විරෝධතාවය අවසන් කෙරුණි.



