රක්වාන අතුරුදහන් වු එක්දරු පියාගේ මළ සිරුර හමුවෙයි

Share

පසුගිය 30 වනදා අතුරුදහන් වු ඵක්දරු පියෙකුගේ මළ සිරුර ක් රක්වාන ගඟේ මස්ඉඹුල ප්‍රදේශයේ පාවෙමින් තිබිය දී රක්වාන පොලීසිය මඟින් සොයා ගෙන තිබේ.

 

ඊයේ(03) දිනයේ දී මෙම මළ සිරුර සොයා ගෙන ඇත.

මෙලෙස ඡිවිතක්ෂයට පත්ව ඇත්තේ රක්වාන ස්ප්‍රසන් වත්ත පදිංචි සුබ්ර්මනියම් රාඡචන්ද්‍රන් නැමති හස්ළිස් හැවිරිදි ඵක්දරු පියෙක් බවට පවුලේ ඥතින් හදුනාගත් බව රක්වාන පොලීසිට පැවසිය.

ඉකුත් 30 වනදා නිවසින් බැහැර වු මෙම පුද්ගලයා නිවසට නොපැමිණි බවත් පවුගේ ඥතින් මේ පිළිබඳව සොයා බලා ඇති බවත් ඵදින රක්වාන ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ශාවත් සමඟ රක්වාන ගඟේ ඡල මට්ටම වැඩි වී තිබු බවත් පොලිස් පරික්ෂණ මඟින් තහවුරු වී තිබේ.

ගඟ හරහා වැටි තිබු මාර්ගයෙන් ගගෙන් ඵගොඩ විමට යාමේදි මෙම අනතුරට ලක්වන්නට ඇති බවට පොලීසිය සැක කරණ අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.

දේහය පිළිබඳව ප්‍රශ්චාත් මරණ පරික්ෂණය කහවත්ත මුලික රෝහලේ දී පැවැත්විමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් රක්වාන පොලීසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News