වසා දැමු බදුල්ල-පස්සර මාර්ගය තාවකාලිකව විවෘත කරයි

පස් හා ගල් කඩා වැටීමේ අවදානමක් නිසා ඊයේ (04) දින සිට වසාදැමූ බදුල්ල-පස්සර මාර්ගයේ තනි මං තීරුවක් අද(05) දහවල් වාහන ගමනාගමනයට විවෘත කර තිබේ.

 

ආරක්ෂක පියවරක් ලෙස යළි අද සවස 6.00 සිට මාර්ගය වසා තබන බව ආපදා කළමණාකරන බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්.උදය කුමාර මහතා පැවසීය.

Exit mobile version