සංචාරකයින් පැමිණීමේ වැඩිවීමක්

නොවැම්බර් මාසය තුළ සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

 

නොවැම්බර් මාසය තුළ සංචාරකයින් එක් ලක්ෂ 76,984 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර එය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 58,241ක වැඩිවීමක් බව එම අධිකාරිය පෙන්වා දෙයි.

පාස්ක ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව මෙරටට සංචාරකයින් පැමිණීම පසුගිය මැයි සහ ජුනි යන මාසවල සීඝ්‍රයෙන් අඩු වූ අතර ජුලි මාසයේ සිට සංචාරකයින් පැමිණීම ක්‍රමයෙන් වර්ධනයවී තිබුණි.

Exit mobile version