ඛනිජ තෙල් සංස්ථාවට නව කළමනාකරණ අධ්‍යක්ෂවරයෙක් – සිය ධුරයෙහි වැඩ භාර ගැනීම අද

Share

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස එහි පිරිපහදු කළමනාකරු ධුරයෙහි මේ දක්වා කටයුතු කළ නීල් ජයසේකර මහතා පත් කෙරේ.

ඔහු සිය ධුරයෙහි වැඩ භාර ගැනීම අද (27) උදෑසන දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණ. ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවයකදීය.

Read more

Local News