එජාපය තුළ අර්බුදයක් නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ කවුද ?

Share

පක්ෂය තුළ යම් අර්බුදයක් නිර්මාණය කිරීමට කිසිවෙකු උත්සහ දරන්නේ නම් එය ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසා සිටියි.

 

අද(10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආණ්ඩුවේ ක්‍රමන්ත්‍රණය ඉටු කර දෙන කවුරුන් හෝ සිටිනම් ඔහු ආණ්ඩුවේ ක්‍රමන්ත්‍රණකාරයෙක් යැයිද ඒ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ කිසිවෙකුටත් කඩා බිඳ දැමිය නොහැකි පක්ෂයක් බව පැවසු ඒ මහතා, කිසිවෙකුත් බිය විය යුතු නැතැයි ද කියා සිටියේය.

“කිසිවෙකු කලබල වු පමණින් අපි කලබල වෙන්නේ නෑ“ යනුවෙන් පැවසු මන්ත්‍රිවරයා, නිවැරදි ගමන් යන බවත් මහමැතිවරණයට මුහුණ දෙන බවත් පැවසීය.

තම පක්ෂයට ඇත්තේ ලක්ෂ 6 හමාරක අභියෝගයක් බවත් පැවසු ඒ මහතා, ඒ හැර පුළුල් සන්ධානයකින් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීධූර 113 ක් ලබා ගැනීමට ද ඉලක්කය වී ඇතැයි ද කියා සිටියේය.

Read more

Local News