ශ්‍රී පාද වන්දනා සමය අදින් ආරම්භ වේ.
එය ලබන වෙසක් පෙහොයෙන් අවසන්වීමට නියමිතයි.
සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ රැගත් රිය පෙරහැර අද අලුයම සිරිපා මළුවට ළඟා වූ බව අප වාර්තාකරුවන් පැවසීය.
ගමන් මාර්ග 4 කින් මෙවර සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ ශ්‍රී පාද උඩ මළුවට ළඟා විය.
බොහෝ සැඳැහැවතුන් සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවආභරණ රැගත් රිය පෙරහැර දැකබලා වන්දනා කිරීම සඳහා මාර්ග අසළ රැඳීසිටියහ.
ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, පොලිතීන්වලින් බැහැරව මෙවර සිරිපාකරුණා කරන ලෙසයි.



