උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

 

මෙරට භික්ෂුණි ශාසනයේ ආරම්භය ඇතුළු සිදුවීම් රැසක් අද වැනි දිනෙක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

වසරේ අවසන් පොහෝ දිනය වන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කරගනිමින් ලොවපුරා බෞද්ධ සැඳැහැවතුන් වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්වල නිරත වේ.

සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් ද අද වැනි පොහෝ දිනෙක සිදු විය.

බුදුන්ට සෙවන දුන් ජය ශ්‍රී මහ බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි එවක රට පාලනය දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගෙන් ඉල්ලීමක් කළේ ය.

මිහිඳු හිමි අනුමැතිය ලැබ සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ පිරිස ජය ශ්‍රී මහ බෝ සමිඳුන් දක්ෂිණ ශාඛා අංකුරය ලක්දිවට වැඩම කරවන්නේ ඒ අනුවයි.

එවක් පටන් බෞද්ධාගමික පුනර්ජීවනය ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරු‍නේ මෙරට මෙහෙණි සස්නෙහි ඇරඹුම ද සනිටුහන් කරමිනි.

Exit mobile version