පාසල් 5000කට විදුහල්පතිවරුන් නැති බව ඩලස් කියයි

Share

ශ්‍රී ලංකාවේ පවතින පාසල් 10157න් පාසල් 5000කට ආසන්න සංඛ්‍යාවකට විදුහල්පතිවරුන් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

 

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාවේ පවතින සමස්ත ජාතික පාසල් 374න් ජාතික පාසල් 273කම විදුහල්පති පුරප්පාඩු පවතින බවත් ඔහු සඳහන් කළේය.

Read more

Local News