ආර්ජන්ටිනාවෙන් නව ඩයිනෝසර වි‍ශේෂයක් සොයා ගැනේ

Share

මෙතෙක් සොයාගෙන නොතිබුණු ඩයිනෝසර් සත්ත්ව විශේෂ කිහිපයකට අයත් අස්ථි කොටස් රැසක් ආර්ජන්ටිනාවෙන් හමුවී තිබේ.

 

වසර මිලියන 70කට පෙර යුගයක වාසය කළ බවට සැලකෙන ඩයිනසෝර් විශේෂයකට අයත් අස්ථි කොටස් සොයාගැනීමට ආර්ජන්ටිනාවේ භූවිද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ.

මෙසේ සොයාගෙන ඇත්තේ නුයෝටයිටන් ග්ලැසිආරිස් සහ ඉසාසිකුරසෝර් සැන්ටාකෘසෙන්සිස් නම් මෙතෙක් සොයාගෙන නොතිබුණු ඩයිනසෝර් සත්ත්ව විශේෂය ද්විත්වයක්.

විද්‍යාඥයන් පවසන්නේ මෙම සත්ත්වයන් ශාක භක්ෂක ඩයිනසෝරයන් වන බවයි.

ඉන් නුයෝටයිටන් ග්ලැසිආරිස් සත්ත්වයා දිගින් අඩි 82ක් වන සිවුපාවෙක් බවට ද හදුනාගෙන තිබේ.

ඔවුන්ට දිගු ගෙලක් ඇති බවටද සඳහන් වෙයි.

ඉසාසිකුරසෝර් සැන්ටාකෘසෙන්සිස් නමැති අනෙක් ඩයිනෝසරයා දිගින් අඩි 13ක් වන තරමක් කුඩා සත්ත්වයෙක්.

පසුපස පාද යොදාගෙන ඉතාමත් වේගයෙන් ඔවුන් ගමන්කර ඇති බවටද හදුනාගෙන තිබුණි.

එමෙන්ම ඔවුන් කණ්ඩායම් වශයෙන් විසීමට කැමැත්තක් ඇති සතුන් බවටද හදුනාගෙන ඇතැයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

Read more

Local News