නායකත්ව මණ්ඩලයක් අවශ්‍ය නෑ – තලතා

Share

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත්කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

 

ඊයේ(12) කිරුළපන ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් මහ මැතිවරණයට යාමට පක්ෂය හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලය කිසිදු තීරණයක් ගෙන නැති බවත් එහිදී මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමේ ඉල්ලීමට වත්මන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇහුම්කන් දෙනු ඇති බවත් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේය.

එසේම එම මාධ්‍ය හමුවට එක්වු තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළේ නායකත්ව මණ්ඩලයක් පිළිබඳ යෝජනාවක් තිබුණද එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.

Read more

Local News