දැවැන්ත පරාජයෙන් පසු ජෙරමි කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉවත්වෙයි

මහ මැතිවරණයෙන් ලද දැවැන්ත පරාජය හේතුවෙන් තමන් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වන බව එම පක්ෂයේ නායක ජෙරමි කෝබින් පවසයි.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වසර 84ක ඉතිහාසය තුළ කම්කරු පක්ෂය මුහුණ දුන් දැවැන්තම මැතිවරණ පරාජය මෙය බවයි.

කෙසේ වෙතත් 70 හැවිරිදි ජෙරමි පක්ෂ නායකත්වයෙන් ඉවත්වන දිනයක් පිළිබඳ සඳහනක් සිදු කර නොමැති අතර කිසියම් කාල පාරාසයක් තනතුරේ රැඳී සිටිනු ඇති.

ආසන 650 කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 333ක බහුතරයක් දිනා ගනිමින් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ කොන්සවේටිව් පක්ෂය බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජය ගත්තේ ය.

ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ජෙරමි පවසා ඇත්තේ, මෙවර ඡන්ද ප්‍රතිඵල තුළින් බලාපොරොත්තු සුන් වූ බවත් ඉදිරියේදී එන කිසිදු මහ මැතිවරණ ව්‍යාපාරයකට තමන් නායකත්වය නොදෙනු ඇති බවත් ය.

Exit mobile version