මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 3031ක් වාර්තා වෙයි

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 3031 දෙනෙකු වාර්තා වී ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අර්ජුණ තිලකරත්න මහතා පවසයි.

 

හාරිස්පත්තුව, අකුරණ, මහනුවර, උඩුනුවර, හතරලියැද්ද හා කුණ්ඩසාලේ යන ප්‍රදේශවලින් මෙම රෝගීන් වාර්තා වන බව ඔහු සදහන් කළේය.

ඩෙංගු රෝගය හේතුවෙන් මේ දක්වා කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙන බව ද ඔහු පවසයි.

Exit mobile version