ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීනිය CIDයට

ස්විට්සර්ලන්ත තානාපති කර්යාල නිලධාරීනියට අද (16) දිනයේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමට දැනුම් දී තිබේ.

 

ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමති මෙම කාන්තාව පසුගිය ඉරිදා දිනයේ පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියෝය.

ඒ ඇය පැහැර ගැනීමට ලක්වු බවට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළවයි.

ඒ අනුව අවස්ථා කිහිපයකදී ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර අවසන් වරට පසුගිය සෙනසුරදා දිනයේ මෙම නිලධාරීනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙනු ලැබුවේය.

මේ වනවිට මෙම කාන්තාවට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක්ද ලබා දී තිබේ.

Exit mobile version