සති 2ක් ඇතුලත එජාපයට නව නායකයෙක්

Share

ඉදිරි සති දෙක ඇතුලත එක්සත් ජාතික පක්ෂය සඳහා නව නායකයෙක් පත් කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

 

කළුතර පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

විශේෂ දුෂණ විරෝධී ත්‍රිපුද්ගල අධිකරණ ඇති කිරීම සඳහා තමන් කැප වී කටයුතු කළත් වත් පාලනය යටතේ කිසිදු ප්‍රයෝජනයක් සිදු නොවු බවත් දේශපාලන පලිගැනීම් වලට එරෙහිව කටයුතු නොකල බවත් ඒ මන්ත්‍රීවරයා පවසයි.

එවැනි නායකයන් සමඟ නැවත් මහමැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවත් එම නිසා එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙක් අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

පසුගිය ආණ්ඩු සමයේ හොරු ඇල්ලීම, දේශපාලන පළිගැනීම්වලට එරෙහිව කටයුතු නොකිරීම, අනවශ්‍ය ගිවිසුම්වලට අත්සන් කිරීම සහ රටේ සිදු වු ගැටුම්වලට නිසි ලෙස මැදිහත් නොවීම නිසා පසුගිය පාලනයට ජනතාව විරුද්ධ වු බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම තත්ත්වයන් වෙනස් වුවහොත් ඉදිරියේදි පවතින දේශපාලන තත්ත්වය වෙනස් කළ හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

Read more

Local News