ජනපතිගේ සහයට සෝමවීර චන්ද්‍රසිරි සහ ජානිපෙ මහනුවර සංවිධායක එක් වෙයි

ඒකාබද්ධ විපක්ෂය හා එක්ව කටයුතු කළ ප්‍රබල සාමාජිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කිරීමට එක් වෙයි.
අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවූ ඒ මහතා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සදහන් කළේය.
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රීක් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ නිමල් ප්‍රේමවංශ මහතා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සහය පළ කරමින් ජනාධිපතිතුමා හමු විය.
Exit mobile version