උතුරේ හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් පසුගියදා සිදු කළ ප්‍රකාශය හෙළා දකින බව ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.
අද (16) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යරයා මේ බව පැවසීය.
දකුණේ හැදී වැඩුණු දකුණේ ජීවත් වුණු, තමන්ගේ දරුවන් දෙදෙනාද සිංහල බෞද්ධ කාන්තාවන් විවාහ කරගෙන සිටින පවුලක් ලෙස හිටපු මහ ඇමතිවරයා හදිසියේ මෙවැනි ප්‍රකාශයක් කිරීමෙන් බලාපොරොත්තු වුයේ කුමක්ද යන්න තේරුම් ගත නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ රට සිංහල බෞද්ධ රටක් ලෙස හඳුන්වන්නට නොහැකියි යනුවෙන් ඔහු කරන ප්‍රකාශය පිළිබඳව මෙරට ජීවත්වන සියලූම ආගමිකයන් පුදුමයට පත් වන බවද අමාත්‍යරයා පවසයි.
සිංහල බෞද්ධ හින්දු කතෝලික මුස්ලිම් ජනතාව ජීවත් වන රටක් ලෙස අපේ රට හැදින්විය හැකි බවත් රටේ සිංහල බෞද්ධ උරුමයන් නොමැතියි යන්න කිව නොහැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සිංහල බෞද්ධ සංස්කෘතියක් සහ උරුමයක් මූලික කරගෙන ලෝකය පුරා බෞද්ධ මූලස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව අද හඳුන්වමින් තිබෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
වර්තමානයේ මුළු ථෙරවාදී ලෝකයේම පැහැදිලිව විවෘතව පවසන්නේ ථෙරවාදී බුද්ධාගමේ මූලස්ථානය ශ්‍රී ලංකාව බවත්, හිටපු මහ ඇමතිවරයා අනවශ්‍ය පරිදි සිංහල බෞද්ධයන් සහා හින්දු ජනතාව අතර ආගමික ගැටලූවක් මතු කරන්න ජාතිවාදී ආගම්වාදී අරගලයක් කරන්න උසි ගන්වමින් සිටින බව වැටහෙන බවත් අමාත්‍යවරයා පවසයි.



