මහපොල ශිෂ්‍යත්ව අරමුදල සුරක්ෂිත කරනවා

මහපොල ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් සිදුව ඇති වංචා දූෂණ පිළිබඳව පොදු දේපල අවභාවිතය යටතේ පරීක්ෂණයක් අරඹන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

කොළඹ සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

පසුගිය කාලය තුල මහපොල ලබා නොදුන් වාරික කිහිපයක් තිබේන බවත් එය කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම මහපොල ශිෂ්‍යත්ව අරමුදලේ සිදු වි ඇති මුදල් වංචා සහ පොදු දෙපල අවභාවිතය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීමට අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවට පැමිනිල්ලක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉන් පසුව මහපොල ශිෂ්‍යත්ව අරමුදල ආරක්ෂා කරමින් එය සුක්ෂිත කිරීමට 2020 වසර තුල කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිසුරටත් පැවසීය.

Exit mobile version