ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය පැහැර ගැනීමට ලක්ව නොමැත – ජනපති කියයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

 

මෙම හමුවේදි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරිමට කටයුතු කරන බවයි.

තවද ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනීය පැහැර ගැනීම සම්බන්ධ සිදුවීම පිළිබඳව ද ජනාධිපතිවරයා අදහස් පළ කළේය.

එහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ එවැනි පැහැර ගැනීමක් සිදුව නොමැති බවට මේ වන විට සිදුකළ පරීක්ෂණ සහ ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වී ඇති බවයි.

Read more

Local News