19 සංශෝධනය දුර්වලයි – ජනපති

Share

19 වැනි සංශෝධනය දුර්වල සංශෝධනයක් බවත්, එය අහෝසි කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

 

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ (16දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“19 දුර්වල සංශෝධනයක්. ඒක අපැහැදිලියි. ඒ වගේ අපැහැදිලි ව්‍යවස්ථාවක් රටකට තියෙන්න බෑ. රටක් ලෙස ඉදිරියට මේක අහෝසි කළ යුතුයි. මේකෙ එක හොඳක්වත් පේන්න නෑ. ඒක ඔප්පු වෙලා ඉවරයි” යැයි ඔහු සඳහන් කළේය.

Read more

Local News