සජිත් හා එජාප පසු පෙළ මන්ත්‍රීන් අතර හමුවක්

Share

එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද පැවැත්වේ.

 

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේ, අද කොළඹදී එම හමුව පැවැත්වෙන බවයි.

මෙහිදී පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය හා ඉදිරි මහ මැතිවරණය ඇතුළු කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇති.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් ඊයේ රාත්‍රියේ තලවතුගොඩදී පැවැත්විණ.

මෙම හමුව සඳහා රංජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක ,මයන්ත දිසානායක, මනූෂ නානයක්කාර ඇතුළු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ.

අප වාර්තාකරු පැවසුවේ පැය දෙකකට අධික කාලයක් එම හමුව පැවති බවයි.

Read more

Local News